News Line| Off Air| Games
Generic placeholder image

Jan
20

හොඳ මිතුරන් ආශ්‍රයට ඉඩ ලැබෙන දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියලා මෙතනින් බලන්න.

420 Views


හොඳ මිතුරන් ආශ්‍රයට ඉඩ ලැබෙන දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියලා මෙතනින් බලන්න.

අද 2018 ජනවාරි මස 20 වනදා 

රාහු කාලය: දිවා කාලය සඳහා උදෑසන 09.24 සිට 10.53 දක්වා, රාත්‍රී කාලය සඳහා රාහු කාලය 09.18 සිට 10.49 දක්වා

සුභ දිශාව:  බටහිර සහ දකුණ

මර සිටින දිශාව: නැගෙනහිර

 

 

 

 

මේෂ ලග්නය

ජයග්‍රාහි දිනයක් වන මුත් සිත් තැවිලි හා සක සංකා ඇතිවිය හැකි දිනයක් වන බැවින් කල්පනාකාරී වීම වැදගත්. රාත්‍රී ගමන් බිමන් වලින් වැළකී සිටින්න. ලද දෙයින් සතුටු වීමට සිත් තබාගන්න. වාද විවාද කිරීමට නොයන්න. තීන්දු තීරණ ගනීම්දී සැලකිලිමත් වීම වඩා වැදගත්.

ජය වර්ණය: රන්වන් පැහැය                    ජය අංකය: 05

වෘෂභ ලග්නය

පසුගිය දිනවල ඔබට තිබු පීඩා වියැකී යන දිනයක්. කය ශක්තිය වර්ධනය වන, මානසික සහනය ලැබෙන දිනයක්. වඩාත් කල්පනාකාරීව වැඩ කටයුතු කරගෙන යන්න. යාන වාහන මිලදී ගැනීමට හෝ විකිණීමට සුභ දිනයක්. රැකියාවේ වැඩ කටයුතු කල්පනාකාරීව හා ඉවසිලිවන්තව ඉටුකරන්න. ආගමානුකුලව දින දිනය ගතකිරීම වඩාත් යහපත්

ජය වර්ණය: රතු පැහැය                    ජය අංකය: 03

මිථුන ලග්නය

අදායම් තත්වයට යහපත් දිනයක් වන අතර කලප්නකාරි වීම වැදගත්. අනවශ්‍ය ගමන් බිමන් යාමෙන් වැළකී සිටින්න. උදරාබාධ හා අර්ශස් රෝග ඇති ය වඩාත් සැලකිලිමත් වන්න. වහාම ප්‍රතිකාර ගැනීමට යොමුවන්න. වැඩිහිටි උපදෙස් පිළිපැදීම වඩාත් යහපත්. ඉවසිලිවන්ත වන්න.

ජය වර්ණය: ක්‍රීම් පැහැය                ජය අංකය: 02

 

කටක ලග්නය

බොහෝ ලෙස සිත් තැවුල් ඇතිවීමට ඉඩ ඇති දිනයක්. එබැවින් කල්පනාකාරීව හා වගකීමකින් යුතුව කටයුතු කරන්න. සතුරු  කරදර නිසා අන් අය සමඟ මෙන්ම පවුල තුල පවා ප්‍රශ්න මතු විය හැකියි. නිවැරදි තීරණ මත ක්‍රියා කිරීමට වගබලාගන්න. කෝපය දුරලා ඉවසිලිවන්තව කටයුතු කිරීම යහපත්.

ජය වර්ණය: නිල් පැහැය                         ජය අංකය: 01

සිංහ ලග්නය

යහපත් සිතුවිලි ඇතිවන, තරග හා විභාග ආදියෙන් ජයග්‍රහණ ලබාගත් හැකි සුභ දිනයක්. ප්‍රීතිමත්ව අන් අය සමඟ දිනය ගතකිරීමට අවස්ථාව ලැබෙන අතර සමාජ පිළිගැනීමද ලැබෙන දිනයක්. වියදම් පිළිබඳව සැළකිලිමත් වීඑම වැදගත්. නිවැරදි තීරණ ගැනීම හා කල්පනාකාරී වීම වඩාත් වැදගත්.

ජය වර්ණය: රන්වන් පැහැය                     ජය අංකය: 03

කන්‍යා ලග්නය

අන් අය සමඟද විශේෂයෙන්ම රැකියා ස්ථානයේ ඔබට වඩා ඉහල නිලතල දරන්නන් අතර මතගැටුම් ඇති විය හැකි දිනයක්. එබැවින් ඉවසිල්වන්ත වීම හා තැනට සුදුසු නුවනින් යුතුව කටයුතු කිරීමට වග බලාගන්න. කාන්තාවන් ඇසුරු කිරීමේදීද කල්පනාකාරී වන්න. සෙම් අමාරු තිබේ නම් වහාම ප්‍රතිකාර සදහා යොමු වන්න. ආගමානුකුලව දිනය ගතකිරීම වඩාත් යහපත්.

ජය වර්ණය: කොළ පැහැය                     ජය අංකය: 09

 

තුලා ලග්නය

කතාව මගින් අන් අයගේ ආකර්ෂණය මෙන්ම සිත් දිනාගැනීමට හැකි වන අතර ලාභ ප්‍රයෝජනද ලැබිය හැකි දිනයක්. උසස් පුද්ගලයින් මුණ ගැසෙන අන් අය අතර ඔබේ බලය පතුරුවලිය හැකි දිනයක්. යම් යම් දේවල් නිසා කේන්ති ගන්න ස්භාවයක් තිබෙන නමුත් ඉවසිලිවන්තව හා කල්පනාකාරීව වැඩ කටයුතු කරන්න.

ජය වර්ණය: සුදු පැහැය                       ජය අංකය: 01

 

 

වෘශ්චික ලග්නය

 

වෙනදට වඩා බොහෝ යහපත් සිතුවිලි ඔබ වට සැරිසරන දිනයක්. අන් අයට ආදර්ශමත්ව හා විනයානුකුලව දිනය ගතකරයි. සතුරාට පවා ප්‍රේම කරන දිනයක්. කෙසේවුවත් අන් ය සමඟ ගනුදෙනු කිරීමේදී කල්පනාකාරී වන්න. ඔබේ යහපතම ඔබේ අයහපත බවට පත්වීමේ ඉඩකඩ ඇත. වැඩිහිටි උපදෙස් පිළිපදින්න.

ජය වර්ණය: රෝස පැහැය                          ජය අංකය: 05

 

 

ධනු ලග්නය

කරන වැඩ කටයුතු සියල්ලක්ම හොඳට සිතා බලා සිදුකරන්න. නැතිනම් දවසම සිත් තැවුලෙන් සිටීමට හේතු වෙයි. අන් යහ සමඟ ප්‍රවේසමෙන් ගනුදෙනු කිරීම වැදගත් වන අතර ව්‍යාපාර වලදී සැලකිලිමත් වන්න. ඔබ සතු දේවල් නැතිවීමට ඉඩ ඇති දිනයක් වන බැවින් ඔබ මෙන්ම ඔබට වටිනා කියන දේවල් ප්‍රවේසමෙන් තබාගන්න. අහංකාරකම් දුරලා නිහතමානිව වැඩිහිටි උපදෙස් මත දිනය ගත කිරීම වඩාත් යහපත්.

ජය වර්ණය: තැඹිලි පැහැය                        ජය අංකය: 03

 

 

මකර ලග්නය

අධ්‍යාපන වැඩ කටයුතු වලට මෙන්ම තරග විභාග ආදී කටයුතු වලට ඉතාම සුභ දිනයක්. ව්‍යාපාර වලින් වැඩි ලාභ ලබාගැනීමට වෙහෙසවී කල්පනාකාරීව කටයුතු කරන්න. ගමන් බිමන් අඩු කලයුතු දිනයක් වන අතර ඔබේ සමීපතමයන්ගේ උපදෙස් හා අවවාද පිළිපැදිය යුතු දිනයක්. අලුතින් යමක් සිතීමට, කිරීමට වඩාත් යෝග්‍ය දිනයක්.

ජය වර්ණය: ක්‍රීම් පැහැය                      ජය අංකය: 02

 

 

කුම්භ ලග්නය

හොඳ මිතුරන් ආශ්‍රයට ඉඩ ලැබෙන දිනයක් වන අතර සිත සතුටින් ගත කරයි. මුතු මණික ආදී ව්‍යාපාර වල‍ට වැඩි ලාභ ලැබෙන දිනයක්. අන් අය අතර කතාවෙන්, ඇඳුමෙන් වගේම පෙනුමින් පවා ඔබ කැපී පෙනෙන දිනයක්. ගමන් බිමන් වලට යෝග්‍ය දිනයක් වන මුත් ප්‍රවේසම් වීමට වග බලාගන්න.

ජය වර්ණය: නිල් සහ කොළ පැහැයන්                    ජය අංකය: 01

 

 

මීන ලග්නය

අද දින ඔබ කරනා කියන වැඩ කටයුතු වලින් ඔබ සිතන තරම් සෙතක් නොවන දිනයක්. ඒ නිසාම ඔබ සිත් තැවුලෙන් දිනය ගතකරයි. නමුත් කල්පනාක්රි වීම තුල වැරදුනු තැන මගහරවා ගත හැකිය. ඔබේ නිවැසියන් සමඟ කාලය ගත කරන්න. පිනට දහමට යොමු වීම යහපත් වන අතර අගමානුකුලව දිනය ගත අකරන්න. නිවැරදි තීරණ ගැනීම හා ඉවසිලිවන්ත වීම වඩාත් වැදගත්.     

ජය වර්ණය: නිල පැහැය                       ජය අංකය: 08

 

 

ප්‍රවීණ ජෝතිශ්‍යවේදී : වයි. එම්. කේ. යාපා බණ්ඩාර

දුරකථන අංකය: 0777 44 86 44


News Articles
Latest Videos
Most Popular Post