News Line| Off Air
Generic placeholder image

Jul
6

කොල්ලකෑම් රැසකට සම්බන්ධ සංවිධානාත්මක අපරාධ කණ්ඩායමක සාමාජිකයින් තිදෙනෙකු අත්අඩංගුවට.

1541 Views


කොල්ලකෑම් රැසකට සම්බන්ධ සංවිධානාත්මක අපරාධ කණ්ඩායමක සාමාජිකයින් තිදෙනෙකු අත්අඩංගුවට.

අතුරුගිරිය, ප‍්‍රදේශයේ සිදුවූ කොල්ලකෑම් රැසකට සම්බන්ධ සංවිධානාත්මක අපරාධ කණ්ඩායමක සාමාජිකයින් තිදෙනෙකු අතුරුගිරිය පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සී.සී.ටී.වී දර්ශන උපයෝගී කරගනිමින් හංවැල්ල, දැඩිගමුව ප‍්‍රදේශයේදී සහ කළුතර ප‍්‍රදේශයේදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය සඳහන් කළේ. සැකකරුවන් අවුරුදු 19ත් ත් 25 ත් අතර වයස්වල පසුවන්නන්.

ඔවුන් මේ වන විට බන්ධනාගාරගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන දැඩිගමුව චමින්ද නැමැත්තාගේ සහායකයින් බව පොලීසිය සිදුකළ විමර්ශන වලදී අනාවරණය වී තිබෙනවා.

සැකකරුවන් අතුරුගිරිය ප‍්‍රදේශයේදී ගිනි අවි පෙන්වා යතුරුපැදි කොල්ලකෑම් සහ රුපියල් ලක්ෂ 25කට අධික මුදල් කොල්ලකෑමක් සම්බන්ධයෙන් පොලිසියට අවශ්‍ය සිටි තිදෙනෙක්.

මෙරට නිෂ්පාදිත රිවෝල්වරයක් සහ එම උණ්ඩ 05ක්, කඩුවක් මෙන්ම කොල්ලකන ලද යතුරුපැදි දෙකක් ද සැකකරුවන් සතුව තිබී පොලිස් භාරයට ගෙන තිබෙනවා. සැකකරුවන් හෝමාගම මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.


News Articles
Latest Videos
Most Popular Post