වික්ටර් රත්නායක කියන්නේ 70, 80 දශකයන් වල හිටිය ජනප්‍රිය ගායකයෙක් වගේම සංගීතඥයෙක්. සංඛ දිනෙත් කියන්නේ අලුත් පරපුරේ දක්ෂ ගායකයෙක් සහ සංගීතඥයෙක්.
මේ දෙන්න එකතු වෙලා අලුත් වැඩකට අත ගහලා තියෙනවා. දෙන්නත් එක්ක අලුත් ගීතයක් නිර්මාණය කරලා තියෙනවා. “හිතින් යන අය” කියලා තමයි මේ ගීතය නම් කරලා තියෙන්නේ.
පද රචනය කරලා තියෙන්නේ ප්‍රවීන මාධ්‍යවේදී ඩිල්ෂාන් පතිරත්න. සංගීතවත් කරලා තියෙන්නේ සංඛ දිනෙත්. මේ ගීතයේ trailer එක අන්තර්ජාලයට නිකුත් කරලා තියෙනවා. හැබැයි සම්පූර්ණ ගීතයම බලන්න නම් තව ටික දවසක් ඉවසන්න වෙනවා.