සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම හා සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම අතර ටෙස්ට් ක්‍රිකට් තරඟය කොළඹ එස්.එස්.සී. පිටියේ මේ වෙද්දී පැවැත්වෙනවා. ඉතින් ක්‍රිකට් වලට ආදරය කරන ඔබට සුභ පණිවිඩයක් දෙන්නයි මේ හදන්නේ. ඒ තමයි අද පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරඟය ඔබට නොමිලයේ නැරඹීමට අවස්ථාවක් ලැබිල තියෙනවා.
ඒ අනුව එස්.එස්.සී. පිටියේ ලකුණු පුවරුව පවතින ප්‍රදේශයට ජනතාවට නොමිලයේ ඇතුළු විය හැකි බව ක්‍රිකට් ආයතනය නිවේදනය කරනවා. ඒ සඳහා අංක අට දොරටුවෙන් ඇතුළත්වන ලෙසයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරන්නේ.