සැබෑ ආදරේ අමතක වුනත් ජීවිතේ පළවෙනි ආදරය කවදාවත් අමතක වෙන්නේ නෑ. සමහර වෙලාවට විවාහ වෙලා දරු මල්ලන් ලැබුනත් පරණ ආදරේ හිතට එනවා.
ජීවිතේ පළවෙනි ආදරේ හිතට දැනුන දවසේ ඉඳලා මවපු හීන මතක් වෙනවා. තමන්ගේ පළවෙනි පෙම්වතාට අලුත උපන් දියණිය බලන්න ආරාධනා කරන මවකගේ ගීතයක් අපිට අහන්න ලැබුණා.
මේ ගීතය නම් කරලා තියෙන්නේ “ඇවිත් යන්න එන්න” කියලා. ගීතය ගායනා කරන්නේ නදීෂා ගුණතිලක. සංගීතය ජගත් රස්නායකගේ. මොහොතක් තනි වෙලා මේ ගීතය අහලා බලන්න…