දෛනිකව මෙරට කාන්තාවන් සිය දෙනෙකු සංචාරක වීසා ලබාගෙන මැදපෙරදිග රැකියා සඳහා පිටත්ව යන බව අණාවරණය වී තිබෙනවා. ඉන් බහුතරයක් වයස අවුරුදු 5 ට අඩු දරුවන් සිටින මව්වරුන් බවයි විදේශ රැකියා රාජ්‍ය අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා සඳහන් කළේ.
එවැනි දරුවන් සිටින කාන්තාවන් විදෙස් රටවලට යැවීම සම්බන්ධයෙන් සොයා බැලීමට කමිටුවක් ද පත්කර තිබෙනවා. එම කමිටු වාර්තාව ඉදිරි සතියේ කැබිනට් මණ්ඩලයට යොමු කිරීමට නියමිතයි.
Siyatha Top Story | 10:00 AM | Editor : Nayomi Karunasinghe