News Line| Off Air
Generic placeholder image

Mar
8

ට්‍රම්ප්ගේ හොඳ වැඩක් ලෝකයම කතා කරයි

585 Views


ට්‍රම්ප්ගේ හොඳ වැඩක් ලෝකයම කතා කරයි

ඇමරිකාවේ මරණ මංචකයේ සිටින පුද්ගලයකුගේ අන්තිම කැමැත්ත ඉටු කිරීමට ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එම පුද්ගලයාට දුරකථන ඇමතුමක් ලබාදීම සම්බන්ධ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මේ පුද්ගලයාගේ නම ජේ බැරැට්. ඔහුට වයස අවුරුදු 44 ක්. ඔහු සුවකළ නොහැකි ජානමය රෝගී තත්ත්වයකින් පීඩා විදිනවා. ඔහු මිය යාමට ප්‍රථම ඔහුගේ අවසන් කැමැත්ත වී තිබෙන්නේ ඇමරිකානු ජනාධිපති  සමග කතාබහ කරන එක. මෙම කැමැත්ත දැනගත් ඇමරිකානු ජනාධිපතිවරයා ඔහුට දුරකථනය ඔස්සේ ඇමතුමක් ලබාදී සුව දුක් විමසීමක් සිදු කර තිබෙනවා.

එහිදී ට්‍රම්ප් ඔහුට පවසා ඇත්තේ “ඔබ හොඳ කෙනෙක් කතාවෙන්ම ඒ බව පේනවා මට ඔබේ ඡායාරූප දකින්න ලැබුණා ලැබුනා.  ඒව අසනීප පාටක් පේන්න නැහැ තරුණ පාටයි. උහය අත්හරින්න එපා.” යනුවෙනුයි.

මේ පුවත සම්බන්ධයෙන් මේ දිනවල විදෙස් මාධ්‍ය වැඩි වැඩියෙන් කතාබහ කරන්න පටන් අරන් තිබුණා.


News Articles
Latest Videos
Most Popular Post