ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ අතර නව සන්ධානයක් පිහිටුවිම සම්බන්ධයෙන් වන තුන් වන වටයේ සාකච්ඡා අද පැවැත්වෙනවා.
ඒ විපක්ෂ නායක කාර්යාලයේ දීයි. සාකච්ඡාව සදහා නිදහස් පක්ෂය හා පොදු ජන පෙරමුණ නියෝජනය කරමින් එහි නියෝජිතයින් සහභාගී වී සිටිනවා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ අතර නව සන්ධානයක් පිහිටුවිම සම්බන්ධයෙන් මීට පෙර සාකච්ඡා වට දෙකක් පැවැත්වුණා. පළමු සාකච්ඡාව පැවැත්වුනේ පසුගිය මස 14 වනදායි.
දෙවන සාකච්ඡාව 21 වනදා පැවැත්වුණා.