ගම්පහ සහ වත්තල ප‍්‍රදේශ කිහිපයකට අද පැය 18 ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.
කැළණි ගඟ දකුණු ඉවුර ව්‍යාපෘතියේ දෙවන අදියරේ නව ජල නල පද්ධතියේ ඉදි කිරීම් කටයුතු හේතුවෙන් අද පෙරවරු 09.00 සිට පැය 18 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බවයි එම මණ්ඩලය සඳහන් කළේ.
වත්තල – මාබෝල, ජා – ඇල සහ කටුනායක – සීදුව නගර සභා බල ප‍්‍රදේශ, වත්තල, මහර සහ ජා – ඇල ප‍්‍රාදේශීය සභා බල ප‍්‍රදේශය සහ ගම්පහ ප‍්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටවනු ඇති.