එංගලන්ත කණ්ඩායමේ සුපිරි පිතිකරුවෙකු වන බෙන් ස්ටොක්ගේ අතිශය පෞද්ගලික ජීවිතය පිළිබද කෙරෙන හෙළිදරව්වක් ද සන් පුවත්පත පසුගියදා වාර්තා කර තිබුණා. ඒ බෙන් ස්ටෝක්ගේ මවගේ පළමු විවාහයේ දරුවන් දෙදෙනාට එම දරුවන්ගේ පියා විසින් වෙඩි තබා ඝාතනය කලබව පවසමින් ද සන් පුවත්පත කල හෙළිදරව්ව අතිශය කණගාටුදායක වාර්තා කිරීමක් බව ඔහු පවසනවා.
1988 වර්ෂයේදී බෙන් ස්ටෝක් ඉපදීමට වසර තුනකට පෙර ඔහුගේ මවගේ පළමු විවාහයේ ස්වාමිපුරුෂයා විසින් අට හැවිරිදි ට්‍රසී සහ සිවි හැවිරිදි ඇන්ඩෲ වෙඩි තබා ඝාතනය කර තිබෙන අතර මෙම අතිශය වේදනාත්මක පුවත මාධ්‍යවේදීන් විසින් නවසීලන්තයේ පිහිටි ඔහුගේ නිවසට ගොස් තම මවගෙන් සහ පියාගෙන් අදාල සිද්ධිය සම්බන්දයෙන් ප්‍රශ්න කර තිබෙනවා..ස්ටොක් පවසන්නේ මෙම ක්‍රියාව ඉතා පහත ක්‍රියාවක් බවත් තම පෞද්ගලික තොරතුරු මාධ්‍ය මගින් හුවා දැක්වීම කිසිසේත් අනුමත නොකරන බවයි.
මෙම ආනාවරණය හේතුවෙන් තම මව ජිවිත කාලයම පුරාවට වේදනා විදිනු ඇති බවත් එය අතීතය සිට යලි වර්තමානය තෙක් ඇදගෙනවිත් තිබීම ඉතා පහත මාධ්‍ය කලාවක් බවක් බෙන් ස්ටොක් සටහන් කර ඇත්තේ ආවේගශිලිවය. විශේෂයෙන්ම අලෙවිය පමණක් ඉලක්ක කරගෙන මෙවෙනි දෙවල් සිදු කිරීම විශාල අනර්ථයක් බව ඔහු වැඩි දුරටත් සදහන් කළා.