News Line| Off Air
Generic placeholder image

Sep
23

රග්බි ලෝක කුසලානය වෙනුවෙන් වේල්සය හා ජෝර්ජියාව අද තරග බිමට

512 Views


රග්බි ලෝක කුසලානය වෙනුවෙන්  වේල්සය හා ජෝර්ජියාව අද තරග බිමට

ලෝක කුසලාන රග්බි තරගාවලියේ අද තවත් තරගයක් පැවැත්වෙනවා. ඒ වේල්සය හා ජෝර්ජියාව අතරයි.

ඊයේ පැවති තරග වලදී එංගලන්තය එංගලන්තය අයර්ලන්තය හා ඉතාලිය ජය වාර්තා කලා. මානු ටුයිලගායි වාර්තා කළ උත්සාහක දිනුම් සමග එංගලන්තය ටොංගා කණ්ඩායම පරාජය කලේ ලකුණු 35 ට 03 ක් ලෙසයි.
එංගලන්ත කණ්ඩායම ගෝල දිනුම් 3 ක්, උත්සාහක දිනුමක් සහ දඬුවම් පහර 3 කින් ලකුණු ලබාගත් අතර ටොංගා කණ්ඩායමට සාර්ථක කරගත හැකිවූයේ එක් දඬුවම් පහරක් පමණයි.
ලකුණු 22 ට 47 ක් ලෙස නැම්බ්යාවට එරෙහි තරගයෙන් ඉතාලිය ජය වාර්තා කල අතර අයර්ලන්තය හමුවේ ස්කොට්ලන්තය පරාජය වුනේ ලකුණු 27 ට 03 ක් ලෙසයි.


News Articles
Latest Videos
Most Popular Post