News Line| Off Air
Generic placeholder image

Latest Posts
Oct
2

වෙනස්කම් කිහිපයක් සමග ශ්‍රී ලංකාව පළමුව පිත්ත අතට ගනී

595 Views


වෙනස්කම් කිහිපයක් සමග ශ්‍රී ලංකාව පළමුව පිත්ත අතට ගනී

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්ථාන කන්ඩායම අතර තෙවැනි එක්දින ක්‍රිකට් තරගය අද පාකිස්තානයේ කරච්චි නුවර ක්‍රීඩාංගනයේදී මීට සුළු මොහොතකට පෙර ආරම්භ වුණා.

එහිදී කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා.

අද තරගයට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා සංචිතය වන්නේ නායක ලහිරු තිරිමාන්න, අනුෂ්ක ගුණතිලක, අවිශ්ක ප්‍රනාන්දු, ඇන්ජෙලෝ පෙරේරා, විනෝද් භානුක, ෂෙහාන් ජයසුරිය, දසුන් චානක, වනිදු හසරංග, ලක්ෂාන් සදකැන්, ලහිරු කුමාර, නුවන් ප්‍රදීප්.

අද ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් කිහිපයක් සිදුව ඇති අතර ගිය තරගයේ ක්‍රීඩා කල ඕෂධ ප්‍රනාන්දු, සදිර සමරවික්‍රම, ඉසුරු උදාන අද තරගයට ක්‍රීඩා නොකරයි.


News Articles
Latest Videos
Most Popular Post