දිවයිනේ බොහෝ ප‍්‍රදේශ වලට පස්වරු 02 00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
මධ්‍යම / සබරගමුව / වයඹ සහ උතුරු පලාත් වලත් අනුරාධපුර දිස්ත‍්‍රික්කයේත් ඇතැම් ස්ථාන වලට මිලි මීටර 75 ත් 100 ත් අතර වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
නැගෙනහිර සහ දකුණු පලාත් වල උදෑසන කාලයේදී වැසි ඇතිිවිය හැකියි. ලබන මස මුල් සතිය දක්වා වැසි තත්වය පවතිනු ඇති බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා සදහන් කළේ.
මේ අතර ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය කුරුණෑගල / බදුල්ල සහ රත්නපුර දිස්ත‍්‍රික්ක වල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 06 ක් සඳහා නිකුත් කළ නාය යෑමේ අනතුරු ඇගවීමේ නිවේදන තව දුරටත් ක‍්‍රියාත්මකයි.
කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ රිදීගම සහ මාවතගම ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශ සඳහා නාය යෑමේ අනතුරු ඇගවීම් නිකුත් කර තිබෙනවා. බදුල්ල දිස්ත‍්‍රික්කයේ නාය යෑමේ අනතුරු ඇගවීමේ නිවේදන නිකුත් කර ඇත්තේ හල්දුම්මුල්ල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශය සඳහායි.
රත්නපුර දිස්ත‍්‍රික්කයේ බලංගොඩ / ඉඹුල්පේ හා ඕපනායක ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශ සඳහා ද නාය යඋමේ අනතුරු ඇගවීම් නිකුත් කර තිබෙනවා.