News Line| Off Air
Generic placeholder image

Nov
22

නව කථානායක ධුරය වාසුටද?

1206 Views


නව කථානායක ධුරය වාසුටද?

පාර්ලිමේන්තුවේ කථානායක ධුරයට ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක, එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පත් කිරීමට නියමිත බව වාර්තා වෙනවා.

ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන් විසින් වාසුදේව නානායක්කාර මහතා කථානායක ධුරයට පත් කිරීමට සුදුසු යැයි යෝජනා කර තිබෙනවා.

පාර්ලිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙකු වන වාසුදේව නානායක්කාර මහතා පාර්ලිමේන්තුවේ ආර්ථික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව, රජයේ ගිණුම් කාරක සභාව, විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව, ජාතික ඒකාබද්ධතා, රාජ්‍ය භාෂා, සමාජ ප්‍රගති සහ හින්දු ආගමික කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශන කාරක සභාවද නියෝජනය කරනවා.


News Articles
Latest Videos
Most Popular Post