News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
9

විශ්ව රූ රැජින තරගයේ පළමු තැන දකුණු අප්‍රිකාවට

1947 Views


විශ්ව රූ රැජින තරගයේ පළමු තැන දකුණු අප්‍රිකාවට

2019 විශ්ව රූ රැජින ලෙසින් දකුණු අප්‍රිකාවේ – සොසිබිනි ටුන්සි අද (9) කිරුළු පැළදුවා.

ඇමරිකාවේ ඇට්ලන්ටා හි පැවති 68 වැනි විශ්ව රූ රැජින තරඟාවලියේදී ලොව පුරා රටවල් 90ක රූ රැජිණියන් තරඟ වැදුණු අතර, පුවටෝ – රීකෝ සහ මෙක්සිකෝ රූ රැජිණියන් දෙවන සහ තුන්වැනි ස්ථාන හිමි කර ගැනීමට සමත් වුණා.

සමේ කළු පැහැය කාන්තා රූ සපුව සැඟවූ කාලයක් පැවති බව 26 හැවිරිදි කළු ජාතික රූමතියක් වන සොසිබිනි ටුන්සි විශ්ව රූ රැජිණ කිරුළ ජයග්‍රහණය කිරීමෙන් පසු ප්‍රකාශ කළා.

එමෙන්ම වසර තිස් පහකට පසු ශ්‍රී ලාංකීක තරගකාරිනියක් වන කැරොලින් ජූරි ලෝක විවාහක රූ රැජින කිරුල දිනාගැනීමට පසුගිය 07 වනදා සමත් වීම කාගේත් කතා බහට ලක් වුණා.

එය පැවැත්වුණේ ඇමෙරිකාවේ ලාස්වේගාස් නුවරදී පැවත්වුනු අවසන් මහා තරගයේදීයි.

මීට පෙර මෙම කිරුල ශ්‍රී ලාංකිකයෙකු ලෙස දිනාගෙන ඇති එකම කාන්තාව වනුයේ 1984 ලෝක විවාහක රූ රැජින කිරුළ දිනු රෝසි සේනානයක මහත්මියයි.

ලෝක විවාහක රූ රැජින කිරුල දිනූ කැරොලින් ජූරි


News Articles
Latest Videos
Most Popular Post