News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
13

හෙරොයින් ජාවාරම්කරුවෙකුට මරණ දඩුවම

1693 Views


හෙරොයින් ජාවාරම්කරුවෙකුට මරණ දඩුවම

හෙරොයින් මත්කුඩු සහ ගංජා සන්තකයේ තබා ගැනීම සහ ජාවාරම් කිරීම යන චෝදනාවලට වරදකරු වූ 26 හැවිරිදි විවාහක පුද්ගලයෙකුට කොළඹ මහාධිකරණය විසින් මරණීය දණ්ඩනය නියම කර තිබෙනවා.

කොළඹ, අළුත්කඩේ ප්‍රදේශයේ පදිංචිකරුවකු වන සිමියොන් විල්සන් නැමැති 26 හැවිරිදි විවාහක පුද්ගලයෙකුට මෙලෙස දඬුවම් නියම වී තිබෙනවා.

2018 වසරේ පෙබරවාරි මස 18 වනදා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අලුත්කඩේ ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී මත්කුඩු ග්‍රෑම් 60 .73 ගංජා ග්‍රෑම් 12.18 සන්තකේ තබාගෙන සිටියදී මොහු අත්අඩංගුට ගැනුණා.

පසුව හෙරොයින් හා ගංජා සන්තකේ තබා ගැනීම සහ ජාවාරම් කිරීම යන චෝදනාවලට විත්තිකරුට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරනු ලැබුවා.

තීන්දුව ප්‍රකාශයට පත් කළ මහාධිකරණ විනිසුරු ශෂී මහේන්ද්‍රන් මහතා හෙරොයින් සහ ගංජා සන්තකයේ තබාගැනීම සහ ජාවාරම් කිරීම සම්බන්ධයෙන් විත්තිකරුට එල්ල කර තිබූ චෝදනාව සාධාරණ සැකයකින් තොරව පැමිණිල්ල විසින් ඔප්පු කර ඇති බව සඳහන් කළා.

ඒ අනුව හෙරොයින් සන්තකයේ තබා ගැනීම, ගංජා ළඟ තබා ගැනීම හා ජාවාරම් කිරීම සම්බන්ධයෙන් වන චෝදනා වලට මරණීය දණ්ඩනය සහ වසරක් බැගින් සිර දඬුවම් නියම කරන බව විනිසුරු වරයා සිය තීන්දුවෙන් සඳහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post