News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
9

හපුතලේ ගුවන් අනතුර ගැන පරික්ෂණ වාර්තාව ගුවන් හමුදාපති අතට

1323 Views


හපුතලේ ගුවන් අනතුර ගැන පරික්ෂණ වාර්තාව ගුවන් හමුදාපති අතට

පසුගියදා හපුතලේ, අයිස්පීල්ල ප්‍රදේශයේ දී ගුවන් හමුදාවට අයත් y 12 යානයක් කඩා වැටීමෙන් සිදු වූ අනතුරෙන් ගුවන් එහි ගමන් ගත් හමුදා සාමාජිකයින් 04 දෙනෙකු ජිවිතක්ෂයට පත් වුණා.

ඒ අනුව අනතුර සිදුවීමට බලපෑ යානයේ දෝෂයක් මෙතෙක් හදුනාගැනීමට නොහැකිව තිබෙන බවයි පැවසෙන්නේ. වැඩි දුර පරීක්ෂණ සදහා කඩා වැටුණු යානයේ එන්ජිම ඇතුළු කොටස් කටුනායක ගුවන් හමුදා කඳවුරේ ගුවන් යානා ඉංජිනේරු පක්ෂාංගයට යොමු කර ඇති බව වාර්තා වෙනවා.

ඒ පරික්ෂණ මගින් ලබා ගන්නා අවසන් වාර්තාව මාසයක් ඇතුළත තමා වෙත ලැබෙනු ඇතැයි ගුවන් හමුදාපති එයාර් මාෂල් සුමංගල ඩයස් මහතා වැඩි දුරටත් සදහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post