News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
13

ගෝණුස්සන් 200 ක් සමඟ චීන ජාතිකයෙකු කටුනායකදී අත්අඩංගුවට

1095 Views


ගෝණුස්සන් 200 ක් සමඟ චීන ජාතිකයෙකු කටුනායකදී අත්අඩංගුවට

ශ්‍රී ලංකාවේ ගෝනුස්සන් 200 ක් නීතිවිරෝධී ලෙස චීනය බලා රැගෙන යෑමට තැත් කළ, චීන ජාතික ගුවන් මගියෙකු අද දහවල් කටුනායක ගුවන් තොටුපළ පිටත්වීමේ පර්යන්තයේ දී රේගු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොහු 30 හැවිරිදි චීන ජාතිකයෙක්. ඔහු විවිධ රටවලින් සතුන් මේ ආකාරයට චීනයට රැගෙන විත් පසුව අභිජනනය කර අලෙවි කිරීමේ යෙදී සිටින පුද්ගලයෙක් බව සදහන්.

එමෙන්ම ඔහු ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල සංචාරය කර ඇති අතර එහිදී ඔහුට හමුවූ ත්‍රිරෝද රථ රියැදුරන් මගින් මෙම ගෝනුස්සන් සොයා ගත් බව චීන ජාතිකයා රේගුව හමුවේ අනාවරණය කර තිබෙනවා.

මෙම ගෝනුස්සන් ශ්‍රී ලංකාවේ වන ජීවී හා වෘක්ෂලතා ආඥාපනත යටතේ විදේශයන් වෙත රැගෙන යෑම නීතිවිරෝධී වනවා.


News Articles
Latest Videos
Most Popular Post