News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
5

උද්ඝෝෂණ වලට ඉඩමක් වෙන්කළේ ඇයි ?

2213 Views


උද්ඝෝෂණ වලට ඉඩමක් වෙන්කළේ ඇයි ?

උසස් ජාතික ගණකාධිකරණ ඩිප්ලෝමා සිසුන්ගේ විරෝධතාවක් අද කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටදී පැවැත්වුණා.

ඔවුන් විරෝධතාවයේ නිරත වුයේ ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින්.

විරෝධතාව හේතුවෙන් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් පැවතුණා.

මේ අතර උද්ඝෝෂණ සහ විරෝධතා පැවැත්වීම සදහා කොළඹ නගරයේ භූමියක් වෙන් කිරීමට රජය පියවර ගෙන තිබෙනවා.

වෙන් කළ භූමිය පිහිටා ඇත්තේ ගාලූ මුවදොර පිටියට ඉදිරිපිට ජනාධිපති ලේකම් කාර්යාලය ආසන්නයේයි.

උස්ඝෝෂණ ස්ථානය නමින් එම භූමිය නම් කර තිබෙනවා.

උස්ඝෝෂණ පැවැත්වීම සදහා කොළඹ නගරයෙන් භූමියක් වෙන් කිරීම පිලිබද සියත ප‍්‍රවෘත්ති පාර්ශව කිහිපයකින් අදහස් විමසීමක් කළා.

මේ සියත ප‍්‍රවෘත්ති වෙත මහජනතාව දැක්වු අදහස්.

රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමයේ කැදවුම්කරු පුජ්‍ය තැන්නනේ ඥානන්ද හිමියන් දැක්වුයේ මෙවන් අදහසක්

උද්ඝෝෂණ සහ විරෝධතා පැවැත්වීම සදහා භූමියක් වෙන් කිරීම පිලිබද සියත ප‍්‍රවෘත්ති නාගරික සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතාගෙන් විමසීමක් කළා.


News Articles
Latest Videos
Most Popular Post