News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
15

මාරාන්තික කොරෝනා මරණ සංඛ්‍යාව 1500 ඉක්මවයි

1759 Views


මාරාන්තික කොරෝනා මරණ සංඛ්‍යාව 1500 ඉක්මවයි

මාරාන්තික නව කොරෝනා හෙවත් කොවිඩ් – 19 වෛරසය ආසාදනය වී මියගිය සංඛ්‍යාව මේ වනවිට 1523 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර වෛරසය ආසාදනය වූ බවට හඳුනාගත් පුද්ගලයින් සංඛ්‍යාව 66,962ක් වනවා.

ඉන් මරණ 150 ක් ගත වූ පැය 24 තුළ සිදුව තිබෙනවා.

ආසියානු කලාපය ඇතුළු ලොව ප්‍රභල රාජ්‍යයන් රැසකින් මාරාන්තික කොවිඩ් වෛරස ආසාදිතයින් වාර්තා වුව ද, මේ වසරේ ජපානයේ ටෝකියෝහි පැවැත්වීමට නියමිත ඔලිම්පික් ක්‍රීඩා උළෙල පවත්වන දිනයන්හි කිසිදු වෙනසක් සිදු නොකරන බව ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව ප්‍රකාශ කළා.

මේ අතර සෞඛ්‍ය සේවකයින් 1700කට වෛරසය ආසාදනය වී ඇති අතර ඒ අතුරින් 6 දෙනෙකු මියගොස් තිබෙනවා.

චීන රජය පවසන්නේ වගුගත කරන ආකාරය වෙනස් කිරීම වෛරසය ආසාදිත පුද්ගලයින් ගණන මෙතරම් ඉහළ අගයක් ගැනීමට හේතු වී ඇති බවයි.

වෛරසය ආසාදිත සියලුම රෝග ලක්ෂණ පෙන්නුම් කරන නමුත් පරීක්ෂාවට ලක් කර නොමැති හෝ සදොස් පරීක්ෂණ හේතුවෙන් වෛරසය ආසාදිත බවට තහවුරු වී නොමැති පුද්ගලයින් ද මේ වනවිට එම වගු ලේඛනවලට ඇතුළත් බව ඔවුන් පෙන්වා දෙනවා.


News Articles
Latest Videos
Most Popular Post