News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
19

කොරෝනා වෛරසයේ සංවේදී වාර්තා වැඩසටහන (video)

1859 Views


කොරෝනා වෛරසයේ සංවේදී වාර්තා වැඩසටහන (video)

කොවිඩ් නයින්ටීන් වෛරසය සමග සටන් වදින වූහාන් නගරය පිළිබඳව චීනයේ CGTN නාලිකාව වාර්තා වැඩසටහනක් නිර්මාණය කර තිබෙනවා.

ඉතා සංවේදී වැඩසටහනක් වන එය නම්කර තිබෙන්නේ “එපිසෙන්ටර් – ටුවෙන්ටි ෆෝ අවර්ස් ඉන් වූහාන්” යනුවෙන්.

නව කොරෝනා හෙවත් කොවිඩ් නයින්ටීන් වෛරස ව්‍යාප්තිය හේතුවෙන් වැඩිම බලපෑම එල්ල වු‍ණේ චීනයේ හුබෙයි පලාතේ පිහිටි වූහාන් නගරයටයි.

මේ වනවිට එම නගරය මුළුමනින්ම වසාදමා මාසයකට ආසන්න කාලයක් ගතව තිබෙනවා.

එහි වෙසෙන ජනතාව සහ ඔවුන් මුහුණදී සිටින අර්බුදය සම්බන්ධයෙන් අවධානය යොමුකරවීම සදහා චීනයේ සුප්‍රකට CGTN නාලිකාව මෙම විශේෂ වැඩසටහන නිෂ්පාදනය කර ඇති බව සදහන්.

පසුගිය 17වැනිදා විකාශය කෙරුණු මෙම වැඩසටහන මගින් වූහාන් හි හුදෙකලාව පසුවන ජනතාව නව කොරෝනා වෛරස ආසාදනය සමඟින් සටන් කරන අයුරු නිරූපණය කෙරෙනවා.

පළමු කොරෝනා වෛරස ආසාදිතයා වාර්තාවීම, වේගයෙන් වෛරසය ව්‍යාප්තවීම, ඉන් කැපී පෙනෙන තරමේ පිරිසක් මියයාම හා එහි අතුරු කතා රැසක් වීඩියෝපටයේ සටහන්ව තිබෙනවා.

වෛරස ව්‍යාප්තිය පාලනයට නගරය වෙත හා ඉන් පිටතට ගමනාගමනය තහනම් කිරීමත්, වරාය, දුම්රියපොළ, බස්නැවතුම්පොළ සහ ගුවන්තොටුපොළ ආදිය වසාදැමීමත්, ඒ සමගින් ක්‍රියාත්මක වුණු නිරෝධායන ක්‍රියාවලිය යටතේ වූහාන්හි ජනතාව දුෂ්කරතාවලට මුහුණදුන් ආකාරයත්, එහි දැක්වෙනවා.

එය ඉතාමත් සංවේදී වාර්තා වැඩසටහනක් වූ බව විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළා.

එම වැඩසටහන පහතින්


News Articles
Latest Videos
Most Popular Post