News Line| Off Air
Generic placeholder image

Oct
26

මෙරට කොරෝනා ආසාදිත සංඛ්‍යාව 8000 ඉක්මවයි

584 Views


මෙරට කොරෝනා ආසාදිත සංඛ්‍යාව 8000 ඉක්මවයි

මේ දක්වා මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 8152 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය පවසනවා.

ඉන් 4203 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර 3933 දෙනෙකු සුවය ලබා පිටව ගොස් තිබෙනවා.

මේ අතර කොරෝනා වෛරසය තවමත් මෙරට තුළ සමාජගතවීමක් සිදුව නැතැයි ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසනවා.

අද පස්වරුවේ පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින් විශේෂඥ වෛද්‍යවරයා කියා සිටියේ, පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේ කොරෝනා පොකුර මේ වනවිට මනාව පාලනය කර ඇති බවයි.

කොරෝනා වෛරසය වැඩිහිටි සහ නිදන්ගත රෝග සහිත පුද්ගලයින්ට ආසාදනය වුවහොත් එය අවදානම් තත්ත්වයක් බවයි ඔහු පෙන්වා දෙන්නේ.


News Articles
Latest Videos
Most Popular Post