News Line| Off Air
Generic placeholder image

Oct
26

කොරෝනා පළමු පෙළ ආශ්‍රිතයින් නිවෙස් තුළම නිරෝධායනයට පියවර

593 Views


කොරෝනා පළමු පෙළ ආශ්‍රිතයින් නිවෙස් තුළම නිරෝධායනයට පියවර

කොරෝනා ආසාදිතයින්ගේ පළමු පෙළ ආශ්‍රිතයින් ඔවුන්ගේ නිවෙස් තුළම නිරෝධායනයට ලක් කිරීමට තීරණය කළ බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

ඒ අනුව එම තීරණය අද සිට ක්‍රියාත්මක වනු ඇති.

මේ අතර මෙරටින් හමුවී ඇති සමස්ත ආසාදිතයින් 7,872 ගෙන් 3,923 දෙනෙකු රෝහල් 32ක ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කළා.

එමෙන්ම සැකකටයුතු රෝග ලක්ෂණ පෙන්නුම් කරන 527දෙනෙකු රෝහල් කිහිපයක වෛද්‍ය අධීක්ෂණය යටතේ පසු වනවා.


News Articles
Latest Videos
Most Popular Post