News Line| Off Air
Generic placeholder image

Oct
26

දෙවැනි කොරෝනා රැල්ලට හේතුව යුක්ක්‍රේන ගුවන් සේවකයෙක්ද ?

611 Views


දෙවැනි කොරෝනා රැල්ලට හේතුව යුක්ක්‍රේන ගුවන් සේවකයෙක්ද ?

මේ වන විට ශ්‍රී ලංකාව පුරා කොරෝනා වෛරසය හිස ඔසවමින් පවතින පසුබිමක එය පාලනය කිරීම සදහා නිරෝධායන ඇදිරි නිතිය මේ වන විට දිවයිනේ බොහෝ දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගෙන ක්‍රියාත්මක වෙමින් පවතිනවා.

කෙසේ වෙතත් ශ්‍රී ලංකව තුල මේ දෙවන කොරෝනා රැල්ලට හේතුව බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුරේ ආරම්භය කෙසේ වුයේද සොයා ගැනීමෙන් අනාවරණය කරගත හැකි බවයි පැවසෙන්නේ.

මේ අනුව මෙම බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුරේ ආරම්භය තුර්කියේ සිට මෙරටට පැමිණි යුක්ක්‍රේන ගුවන් කාර්ය මණ්ඩලයකින් බව හදුනාගෙන ඇති බවයි වාර්තා වන්නේ. මේ යුක්ක්‍රේන් කාර්ය මණ්ඩලය පසුගිය 11 වෙනිදා මෙරටට පැමිණ ඇති අතර ඔවුන් සීදුවේ හෝටලයක නිරෝධායනය වෙමින් සිට ඇති අතර එහිදී එම යුක්ක්‍රේන් කාර්ය මණ්ඩල සේවකයෙක් සැප්තැම්බර් 13 වැනිදා කොරෝනා අසදිතයෙකු බවට හදුනා ගැනීමත් සමග කොළඹ idh රෝහලට ඇතුලත් කර තිබෙනවා.

එපමනක් නොව එම හෝටලේ සේවකයින් නිරෝධායන නීති නොතකා සිය නිවෙස් වලට දිනපතා ගොස් තිබෙන අතර එයින් සේවකයින් 05දෙනෙක් හටද කොරෝනා වෛරසය පසුව ආසාදනය වී ඇති බව හදුනාගෙන තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post