News Line| Off Air
Generic placeholder image

Oct
26

මහරගමිනුත් ආසාදිතයින්

765 Views


මහරගමිනුත් ආසාදිතයින්

මහරගම නගර සභාබල ප්‍රදේශයනේ කොරෝනා වෛසරය ආසාදනය වූ පුද්ගලයින් 15 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

මහරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පැවසුවේ, නාගහවත්ත, පන්නිපිටිය, වීරමාවත, පතිරගොඩ, ජනතා මාවත, නාවින්න, ඇරැව්වල, ඇඹුල්දෙණිය සහ ජයගත් පාර යන ප්‍රදේශවලින් එම ආසාදිතයින් හඳුනාගෙන ඇති බවයි.

ඔවුන් පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේ සහ වරාය සේවකයින්ගේ දෙවන පෙළ ආශ්‍රිතයින්.

අදාළ පුද්ගලයින් හඳුනාගැනීමෙන් පසු ඔවුන්ගේ ආශ්‍රිතයින් දෙසිය දෙනෙකු පමණ ස්වයං නිරෝධායනයට යොමුකර තිබෙනවා.

මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් පවසන්නේ, පසුගියදා මහරගම නගර සභාබල ප්‍රදේශයේ 160 දෙනෙකුට ආසන්න පිරිසක් පී.සී.ආර්. පරීක්ෂණයට යොමුකර, නිරෝධායනයට ලක්කර තිබියදී ආසාදිතයින් ලෙස හඳුනා ගත් බවයි.


News Articles
Latest Videos
Most Popular Post