දේශපාලන පළිගැනීම් ගැන සොයන ජනාධිපති කොමිසම මඟ හැර සිටි පිරිසක් එම කොමිසමේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා විසින් නම් කරනු ලැබ තිබෙනවා.
ඒ අනුව හිටපු අමාත්‍ය මලික් සමරවික්‍රම, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර, මන්ත්‍රීවරුන් වන අනුර කුමාර දිසානායක, සරත් ෆොන්සේකා, පාඨලී චම්පික රණවක සහ එම්.ඒ. සුමන්දිරන් යන මහත්වරුන් ඊට ඇතුළත්.
එමෙන්ම අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය ද එම පිරිසට අයත් බව සඳහන්.