News Line| Off Air
Generic placeholder image

Oct
26

අගමැති සහ ස්විට්සර්ලන්ත තානාපති අතර හමුවක්

480 Views


අගමැති සහ ස්විට්සර්ලන්ත තානාපති අතර හමුවක්

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපති ඩොමිනික් ෆර්ග්ලර් මහතා අතර හමුවක් අරලියගහ මන්දිරයේදී පැවැත්වුණා.

කොරෝනා වසංගතයට එරෙහිව සටන් කිරීම, ආයෝජන, අපනයන හා සංචාරක යන ක්ෂේත්‍ර පිළිබඳව මෙහිදී අවධානය යොමුව තිබෙනවා.

කොරෝනා වෛරසයට එරෙහිව ක්‍රියාත්මක වීමට මෙරට රජය ගෙන ඇති පියවර සම්බන්ධයෙන් එහිදී ස්විට්සර්ලන්ත තානාපතිවරයා අගයකර තිබෙනවා.

සෞඛ්‍ය මාර්ගෝපදේශ ක්‍රියාත්මක කිරීම සහ රට වසා දැමීම අසීරු කාර්යයක් වුවත් සමස්ත ජනතාව ආරක්ෂා කර ගැනීමට එය උපකාරී වනු ඇති බවයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එහිදී පෙන්වා දී ඇත්ත‍ේ.

කොරෝනා වෛරසය පැතිර යෑම වැළැක්වීමට මෙරට රජය දරන උත්සාහයට කරන උපකාරයක් ලෙස ස්විට්සර්ලන්ත රජයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පී.සී.ආර්. පරීක්ෂණ වේගවත් කිරීම සඳහා අවශ්‍ය උපකරණ තොගයක් ලබා දීමට ද කටයුතු කර තිබෙනවා.

වසංගත තත්ත්වය පහව ගිය පසු මෙරට සංචාරක කර්මාන්තය නගා සිටුවීමට අවශ්‍ය සහයෝගය ලබා දෙන බව ස්විට්සර්ලන්ත තානාපතිවරයා පවසා ඇතැයි ද අග්‍රාමාත්‍ය කාර්යාලය පැවසුවා.

එමෙන්ම ඉදිරියේදී දෙරට අතර ක්‍රියාත්මක කළ හැකි ආයෝජන සහ අපනයන සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා වී තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post