News Line| Off Air
Generic placeholder image

Oct
26

රත්නපුර හුදෙකලා කළ ගම්මාන

2848 Views


රත්නපුර හුදෙකලා කළ ගම්මාන

රත්නපුර, මල්වල, ඇඹුල්දෙණිය ප්‍රදේශයේ මාත්ස්‍යය වෙළෙන්දෙකුගේ පවුලේ තිදෙනෙකුටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමෙන් පසු එම ප්‍රදේශයේ ගම්මාන කිහිපයක්  හුදෙකලා කිරීමට ප්‍රදේශයේ සෞඛ්‍ය නිලධාරීන් තීරණය කළා.

ඒ අනුව  එගොඩ සිරිපාගම, උතුරු ගිලිමලේ, දකුණු ගිලිමලේ, කැටවල, මාපලාන යන ගම්මාන හුදෙකලා ගම්මාන බවට නම් කර ඇති අතර එම ගම්මානවලට දැඩි සංචරණ සීමාවන් පනවා තිබෙනවා.

එමෙන්ම රත්නපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පැවසුවේ, මල්වල ඕලුගල හංදියේ සිට මාර්ගය, කනේගල්ල – කුරුවිට මාර්ගය සහ රත්තුරුගල මාර්ගය තාවකාලිකව වසා දමා ඇති බවයි.

මේ අතර ඊයේ දිනය තුළ සිදු කරන ලද පී.සී.ආර්. පරික්ෂණවල වාර්තාවලට අනුව රත්නපුර දිස්ත්‍රික්කයේ පුද්ගලයින් සිව්දෙනෙකු කොරෝනා ආසාදිතයින් බවට තහවුරු වී තිබෙනවා.

මල්වල මත්ස්‍යය වෙළෙන්දාගේ බිරිඳ, දරුවන් දෙදෙනා සහ ඇහැලියගොඩ ප්‍රදේශයේ අයෙක් එලෙස ආසාදිතයින් ලෙස හඳුනා ගැනුණා.


News Articles
Latest Videos
Most Popular Post