News Line| Off Air
Generic placeholder image

Oct
26

රිජ්වේ ළමා රෝහලේ ළමුන් 7ක් ඇතුළු 10කට කොරෝනා

394 Views


රිජ්වේ ළමා රෝහලේ ළමුන් 7ක් ඇතුළු 10කට කොරෝනා

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින ළමයින් 7 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව හඳුනාගෙන තිබෙනවා.

රෝහල් අධ්‍යක්ෂවරයා පැවසුවේ, දරුවන් සමග සිටි මව්වරු තිදෙනෙකුට ද වෛරසය ආසාදනය වී ඇති බවයි.

ඔවුන් සියලු දෙනාම පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකිර්ණයේ ආසාදිතයින්ගේ ආශ්‍රිතයින්.

මේ අතර එම රෝහලේ ප්‍රතිකාර ලබා ගැනීම සඳහා පැමිණි වයස අවුරුදු දෙකක දැරියකට සහ ඇයගේ මවට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට පසුගියදා හඳුනා ගැනුණා.

මේ වනවිට දැරියගේ වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි පියා ද ආසාදිතයෙකු බවට හඳුනාගෙන තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post