මේ වන විට ශ්‍රී ලංකව තුල පවතින කොරෝනා වෛරසය යළි හිස එසවීම හමුවේ ධිවර කටයුතු වලටද දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා. ඒ පෑලියගොඩ මත්ස්‍ය වෙළෙද මධ්‍යස්ථානය ආශ්‍රිතව කොරෝනා ආසාදිතයින් හමු වීමත් සමගයි.
මේ හේතුවෙන් දැනට බේරුවල හා ගාලු ධිවර වරයන් ඇතුළු බොහෝ ධිවර වරායන් වසා දමා තිබෙන අතර කෙසේ වෙතත් එම ධිවර වරයන් වල තිබෙන බහුදින ධීවර යාත්‍රා වල මාළු කිලෝ ලක්ෂ 04කට ආසන්න ප්‍රමානයක් තිබෙන බවයි වාර්තා වන්නේ.
එම මත්ස්‍ය වෙළෙදාම පාරිභෝගික ජනතාව අතරට පත් කිරීමට අදාලව සෞඛ්‍ය උපදෙස් ඇතුලත් සැලසුමක් සැකසීම සදහා මේ වන විට සෞඛ්‍ය අමාත්‍යංශය හා ධිවර කටයුතු අමාත්‍යංශය පියවර ගනිමින් සිටින බවයි වාර්තා වන්නේ.