කොරෝනා වෛරස් ව්‍යාප්තිය හේතුවෙන් මධ්‍යම පළාත තුළ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.
ඒ අද සිට මසක කාලයක් සඳහායි.
ඒ අනුව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලය සහ ප්‍රාදේශීය ලේකම් කාර්යල මඟින් ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව නතර වනු ඇති.
අදාළ කාල සීමා තුළ කල් ඉකුත්වන වාහන ආදායම් බලපත්‍ර සඳහා අලුතින් ආදායම් බලපත්‍ර ලබා ගැනීමේ දී දඩ මුදලක් අය නොකිරීමට කටයුතු කරන බව ද වාර්තා වනවා.