මේ වන විට පවතින තත්වය හමුවේ කොරෝනා වෛරසය සමාජ ව්‍යාප්තිය අභියසට පැමිණ තිබෙන බවට වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතුරු අගවා තිබෙනවා. එය එසේ වුවහොත් දැඩි සත්කාර ඒකක වල දැඩි තදබදයක් ඇති වී අසාමාන්‍ය ලෙස මරණ ගණන ඉහළ යා හැකි බවයි එම සංගමය වැඩි දුරටත් සදහන් කර සිටින්නේ.
ඉදිරි මාස 02 අතිශය තීරණාත්මක කාලයක් බවත් කොරෝනා වෛරසය පාලනය කිරීමට සදහා නවමු වැඩ පිළිවෙලක අවශ්‍යතාවය මතුව තිබෙන බවයි ඔවුන් සදහන් කරන්නේ.