කඩවත ප්‍රදේශයේ ව්‍යපාරික පුද්ගලයෙක් පෑලියගොඩ මාළු වෙළෙඳපොළට ගොස් තිබීම නිසාවෙන් pcr පරීක්ෂණයක් සිදු කරගෙන තිබෙන අතර එහිදී එම ප්‍රතිපල ලැබෙන තෙක් නිවසට වී සිටින ලෙසට අදාල බලධාරීන් උපදෙස් දුන්නද එම පුද්ගලයා පසුව දින තුනක් තිස්සේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳ සැල් රැසකට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.
ඔහු මෙලෙස සැරිසරන අතරතුර ඔහු ද කොරෝනා අසාදිතයෙක් බව කරන ලද පරීක්ෂණවලින් තහවුරු වී තිබෙනවා. මේ අනුව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ඔහු ඇසුරු කරන ලද පුද්ගලයන් 200ක් පමණ පී.සී.ආර්. පරීක්‍ෂණ සිදු කර තිබෙනවා.