කොරෝනා වෛරසය මේ වනවිට ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 18ක් පුරා පැතිර පවතිනවා.
ඒ අනුව ගම්පහ, කොළඹ, මහනුවර, කුරුණෑගල, කෑගල්ල, අම්පාර, බදුල්ල, පුත්තලම, අනුරාධපුරය, පොළොන්නරුව, කළුතර, ගාල්ල, මාතර, මාතලේ, නුවරඑළිය, රත්නපුර, මොණරාගල සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවල වෛරසය ව්‍යාප්ත වී තිබෙනවා.
වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වන්නේ, ගම්පහ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 3333ක්.
ඊට අමතරව කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 381 දෙනෙකු ද, කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 73 දෙනෙකු ද, කුරුණෑගල දිස්ත්‍රික්කයනේ 57 දෙනෙකු ද, ගාල්ල දිස්ත්‍රික්කයනේ ආසාදිතයින් 14 දෙනෙකු ද මේ වනවිට වාර්තා වනවා.
එමෙන්ම මහනුවර දිස්ත්‍රික්කයනේ 10 දෙනෙකු ද, පුත්තලම සහ අම්පාර දිස්ත්‍රික්කවලින් 8 දෙනා බැගින්ද , මාතර දිස්ත්‍රික්කයෙන් 7 දෙනෙකු ද, බදුල්ල දිස්ත්‍රික්කයෙන් 6 දෙනෙකු ද, රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික්කවලින් ආසාදිතයින් 5 දෙනා බැගින් ද හඳුනා ගැනුණා.
හම්බන්තොට සහ මාතලේ දිස්ත්‍රික්කවලින් ආසාදිතයින් සිව්දෙනා බැගින් ද අනුරාධපුර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලින් තිදෙනා බැගින් ද මොණරාගල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් දෙදෙනෙකු සහ පොළොන්නරුව දිස්ත්‍රික්කයනේ එක් ආසාදිතයෙකු ලෙස වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අංශ නිකුත් කළ වාර්තාවල සඳහන්.
අදාළ දිස්ත්‍රික්කවලින් බොහෝමයකට නිරෝධායන ඇඳිරි නීතිය පැනවුණු අතර සෙසු දිස්ත්‍රික්කවල ගම්මාන කිහිපයක් හුදෙකලා කිරීමටයි රජය පියවර ගත්තේ.
මේ වනවිට එම දිස්ත්‍රික්කවල දැඩි සංචරණ නීති පනවා තිබෙනවා.
සෞඛ්‍ය අංශ සහ ආරක්ෂක අංශ ජනතාවට දැනුම් දෙන්නේ, එම නීති රීතිවලට අනුව කටයුතු කරමින් වසංගත තත්ත්වය පාලනය කිරීමට රජයට සහය වන ලෙසයි.