පොළොන්නරුව මහ රෝහලේ කොරෝනා ආසාදිත කාන්තාවක් හදුනා ගැනීමත් සමග එම අදාල කාන්තාව ප්‍රතිකාර ලබමින් සිටි 21 වාට්ටුව වසා දැමීමට රෝහල් බලධාරීන් පසුගියදා පියවර ගත් අතර එහි සිටි රෝගීන්, සෞඛ්‍ය කාර්යය මණ්ඩලය ස්වයං නිරෝධායනයට යොමු කිරීමට පියවර ගත්තා.
එහිදී නිවසට පැමිණ ස්වයං නිරෝධායනයට යොමු වී සිටි කාන්තාවක් හදිස්සියේ මිය ගොස් තිබෙන බව වාර්තා වෙනවා. එම කාන්තාව කොරෝනා ආසාදිත කාන්තාවගේ අල්ලපු ඇදේ සිටි කාන්තාවක් බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.
කෙසේ වෙතත් ඇයට කොරෝනා වැළඳී තිබුණිද යන්න පීසීආර් පරීක්ෂණයේ ප්‍රතිඵල ලැබී තිබු නැති නමුත් ඇයගේ අවසන් කටයුතු නිරෝධායන රෙගුලාසි යටතේ සිදු කිරීමට බලධාරීන් පියවර ගෙන තිබෙනවා.