News Line| Off Air
Generic placeholder image

Oct
27

“අපි හැදී රට හදමු” වැඩසටහන ඇරඹෙයි

543 Views


“අපි හැදී රට හදමු” වැඩසටහන ඇරඹෙයි

භාවිතයෙන් ඉවත් කරන ලද කාබන් හිස් පෑන් බට සහ දත් බුරුසු ප්‍රතිචක්‍රීකරණ වැඩසටහන ආරම්භ කළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිතුක් කරමින් පවසනවා.

ඒ සඳහා සකස් කරන ලද ප්‍රථම බහාලුම ඊයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පිළිගැන්වුණේ, ජනාධිපති කාර්යාලයේදීයි.

පාසල් සිසුන් ඉලක්ක කොට ක්‍රියාත්මක මෙම වැඩසටහන නම්කර ඇත්තේ, “අපි හැදී රට හදමු” යනුවෙන්.

දිනකට පාසල් පද්ධතියෙන් ඉවතලන කාබන් පෑන් බට ප්‍රමාණය කිලෝ 80ක් පමණ වන අතර වසරකට කිලෝ 29,000 ඉක්මවන බව ගණන් බලා තිබෙනවා.

පරිසරවේදීන් පෙන්වා දෙන්නේ, එලෙස ඉවතලද පෑන් බට සහ දත් බුරුසු දිරාපත් වීමට වසර 100 – 500ත් අතර කාලයක් ගතවන බවයි.

දිවයිනේ සෑම පාසලකටම විශේෂ බහාලුම් ලබා දීමට කටයුතු කර ඇති අතර ඒවා ගැනීමට ප්ලාස්ටික් මිල දී ගන්නා ආයතනයක් ඉදිරිපත් වී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළා.

ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ, අදාළ වැඩසටහන රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල ද ක්‍රියාත්මක කිරීම අනිවාර්ය කිරීමට අවශ්‍ය අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කරන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළ බවයි.


News Articles
Latest Videos
Most Popular Post