පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරින් 10 දෙනකුට හා පොලිස් නිලධාරින් 7දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කරනවා.
මේ වන විට පොලිස් නිලධාරීන් 400 ක් පමණ නිරෝධායනයට යොමු කර තිබෙන බවත් කැලණිය, කළුබෝවිල, රාජගිරිය යන STF කදවුරු වල නිලධාරීන් එම කදවුරු තුලම නිරෝධායනයට යොමු කර තිබෙන බවයි ඒ මහතා වැඩි දුරටත් සදහන් කලේ.