දිවයිනේ පළාත් කිහිපයකට සහ දිස්ත්‍රික්ක කිහිපයකට අද දිනයේ වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව ඌව, නැගෙනහිර, උතුරු මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට, මන්නාරම, මුලතිව්, වවුනියාව සහ මාතලේ දිස්ත්‍රික්කවලත් පස්වරු කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.
ඌව පළාතට සහ අම්පාර දිස්ත්‍රික්කයට තරමක තද වැසි ඇති විය හැකි බවයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද උදැසන නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.
ගිගුරුම් සහිත වැසි සමග අකුණු ඇතිවිය හැකි අතර ඉන් ආරක්ෂා වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙනවා.
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක වැසි ඇතිවිය හැකියි.
මේ අතර මුලතිව් සිට ත්‍රිකුණාමලය හරහා මඩකලපුව දක්වා වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව ද කාලගුණ නිවේදනයේ සඳහන්.