ඇමරාකාවේ රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා නිල සංචාරක් සඳහා අද දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා.
විදේශ කටයුතු අමාත්‍යාංශය පැවසුවේ, ඔහුගේ මෙරට සංචාරය තුළදී ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් සමග නිල සාකච්ඡා පැවැත්වීමට නියමිත බවයි.
ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයාගේ ආසියානු සංචාරය අතරතුර අද දිනයේ ශ්‍රී ලංකාවට පැමිණිමට නියමිත අතර ඔහු ඊයේ අසල්වැසි ඉන්දියාවේ සංචාරය කළා.
විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ආරාධනයකට අනුව පැමිණෙන පොම්පියෝ මහතා මෙරට තුළ දින දෙකක් රැඳී සිටිනු ඇති.