News Line| Off Air
Generic placeholder image

Oct
28

ගත වූ පැය 24 තුළ ඉන්දියාවේ කොරෝනා මරණ 508 ක්

458 Views


ගත වූ පැය 24 තුළ ඉන්දියාවේ කොරෝනා මරණ 508 ක්

ගත වූ පැය 24 තුළ අසල්වැසි ඉන්දියාවෙන් කොරෝනා මරණ 508ක් වාර්තා වනවා.

එරට මාධ්‍ය වාර්තා සඳහන් කළේ, අද උදෑසනින් අවසන් වූ පැය 24 තුළදී වෛරසය ආසාදනය වූවන් 43,893 දෙනෙකු හඳුනාගෙන ඇති බවයි.

ඒ අනුව ඉන්දියාවේ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 7,990,000 ඉක්මවා ගියා.

ගත වූ පැය 24 තුළ වාර්තා වූ මරණ 508ත් සමග එරට සමස්ත මරණ සංඛ්‍යාව 120,000 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මේ අතර කොරෝනා ආසාදිතයින් සහ මරණ සම්බන්ධයෙන් සකස් කෙරෙන ලෝක වාර්තාවට අනුව දෙවැනි ස්ථානයේ පසුවන රට ඉන්දියාවයි.


News Articles
Latest Videos
Most Popular Post