ශ්‍රී ලංකාව කොරෝනා ලෝක වාර්තාවේ 71 වැනි ස්ථානයට පත්ව තිබෙනවා.
කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් ඊයේ දිනය තුළ මරණ තුනක් වාර්තා වූ අතර එය මෙරට දිනයක් තුළ වාර්තා වූ වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව ද වනවා.
ඒ අනුව මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 19ක් දක්වා ඉහළ ගියා.
ලෝක වාර්තාවට අනුව මෙරට මුළු ආසාදිතයින් සංඛ්‍යාව දැක්වෙන්නේ, 8,870ක් ලෙසයි.
එමෙන්ම සුවය ලැබූ සංඛ්‍යාව 4808ක් ලෙස දැක්වෙන අතර අසාද්‍ය තත්ත්වයේ පසුවන්නන් කිසිවෙකුත් තවමත් වාර්තා නොවීම විශේෂත්වයක්.
මේ අතර අදාළ වාර්තාවට අනුව පළමු ස්ථානය හිමි වන්නේ, ඇමරිකා එක්සත් ජනපදයට වන අතර ඉන්දියාව පවතින්නේ දෙවැනි ස්ථානයේයි.
සම්පූර්ණ වාර්තාව පහළින් :
