බස්නාහිර පළාතට හෙට රාත්‍රී සිට ලබන සඳුදා, එනම් නොවැම්බර් 2 වැනිදා දක්වා නිරෝධායන ඇඳිරි නීතිය පැනවුව ද මේ වනවිටත් ඇඳිරි නීතිය පනවා ඇති අනෙක් දිස්ත්‍රික්කවලට එය අඛණ්ඩව ක්‍රියාත්මක බව යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.
හෙට සිට ඇඳිරි නීතිය පැනවෙන බස්නාහිර පළාතේ ජනතාවට යුද හමුදාපතිවරයා දැනුම් දෙන්නේ, එම පළාතට දැනට ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන්නේ දින තුනකට පමණක් බැවින් අනවශ්‍ය ලෙස වෙළඳසැල් අසලට රැස්වීම හෝ අධික ලෙස බඩුබාහිරාදිය රැස් කිරීමක් නොකළ යුතු බවයි.
එබැවින් නිවෙස්වලට වී රැඳී සිටින ලෙසත් වෛරස් ව්‍යාප්තියට රජය ගෙන යන වැඩපිළිවෙළට සහයෝගය දක්වන ලෙසත් රජය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.