වෛරස් ව්‍යාප්තියේ බලපෑම හේතුවෙන් අලවෙි කර ගැනීමට නොහැකි වූ මත්ස්‍යය තොග ඉදිරි දින 4 තුළ මිල දී ගෙන අවසන් කිරීමට රජය තීරණය කර තිබෙනවා.
එලෙස මිල දී ගන්නා මත්ස්‍යය තොග සැමන් නිෂ්පාදනය සඳහා යොදා ගැනීමටයි සැළසුම්කර ඇත්තේ්.
කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය නිසා පෑලියගොඩ සහ බේරුවල මත්ස්‍ය සංකීර්ණ වසා දැමීමට සිදු වීමත් සමග අලෙවි කර ගැනීමට නොහැකිව මත්ස්‍යය තොග විශාල වශයෙන් ගොඩ ගැසී තිබුණා.
ඒ පිළිබඳ අවධානය යොමු කර මත්ස්‍යයින් අපතේ නොයැවීම සහ මත්ස්‍යය වෙළෙන්ඳන් අපහසුතාවට පත් වීම වැළැක්වීමේ අරමුණින් රජය මෙම තීරණය ගත් බවයි වාර්තා වන්නේ.