කොරෝනා වෛරසය ශ්‍රී ලංකාව තුල පාලනය කිරීම සැලකිල්ලට ගෙන නිවෙස් තුල නිරෝධායනය කරන පවුල් සදහා සති දෙකකට සරිලන බඩුමල්ලක් ලබාදීම ඇතුළු ජනතාවට අත්‍යාවශ්‍ය සේවාවන් අඛණ්ඩව ලබාදීම සදහා කටයුතු කරන බව ජනාධිපති කාර්යසාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා පවසනවා.
ඇදිරි නිතිය පනවා තිබෙන ප්‍රදේශ සඳහා රුපියල් 5000ක මුදල අඛණ්ඩව ලබාදීමට තීරණය කර ඇති බවද සඳහන් කළා.