News Line| Off Air
Generic placeholder image

Oct
28

නිරෝධායන නිවෙස්වලට පොලිසියෙන් අලවන දැන්වීම

1763 Views


නිරෝධායන නිවෙස්වලට පොලිසියෙන් අලවන දැන්වීම

නිරෝධායනයට ලක්කර ඇති නිවෙස්වල සෞඛ්‍ය අංශ විසින් අලවනු ලබන දැන්වීමට අමතරව අදාළ ප්‍රදේශයේ පොලිසිය මගින් ද විශේෂ දැන්වීමක් ඇලවීමට කටයුතු කරන බව නියෝජ්‍ය පොලිස්පති පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා පවසනවා.

එම දැන්වීමට අනුව කිසිඳු ආකාරයකින් නිවෙසින් බැහැර වීම හෝ නිවසට පිටස්තරයින් ඇතුළුවීම තහනම් වනවා.

පොලිසිය විසින් අලවන ලද දැන්වීමේ අදාළ ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම්, පොලිස් ස්ථානාධිපති, ග්‍රාම නිලධාරී, යුධ හමුදා නිලධාරී යන අයවලුන්ගේ දුරකථන අංක ඇතුළත් වන අතර යම් කිසි අවශ්‍යතාවයක් වුවහොත් එකී දුරකතන අංක අමතා අවශ්‍යතාවය දැනුම් දී සහන ලබා ගත හැකියි.

නිරෝධායනයට ලක් කොට ඇති එහෙත් කොරෝනා රෝග ලක්ෂණ නොමැති පුද්ගලයින්ට හදිසි අවස්ථාවක දී හෝ වෙනත් රෝගයන් සඳහා පමණක් රෝහලක් වෙත යා හැකි බවයි නියෝජ්‍ය පොලිස්පතිවරයා ප්‍රකාශ කළේ.

ඊට එරෙහිව ක්‍රියාකරන්නන්ට නිරෝධායන නීතිරීතිවලට අනුව කටයුතු කිරීමටත්, නිශ්චල හෝ චංචල දෙපළ මුද්‍රා තැබීමට සහ සිය භාරයට ගැනීමටත් පොලිසියට බලතල හිමිවනවා.

නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ, මෙම දැන්වීම නිරෝධායන හා රෝග වැළක්වීමේ ආඥා පනත යටතේ එම රෙගුලාසියේ 37 වන වගන්තිය ප්‍රකාරව පොලිස්පතිවරයාට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පවරන ලද බලතලවලට අනුව කරන නියෝගයක් බවයි.


News Articles
Latest Videos
Most Popular Post