ගම්පහ ප්‍රදේශයේ පාසලක විභාග ශාලා පරීක්ෂකවරියකට කොරෝනා වෛරසය අසාදනය වී ඇති බව වාර්තා වෙනවා. ඇයගේ සැමියා පෑලියගොඩ මාළු වෙළෙද පොළට ගොස් ඇති බවට කරුණු අනාවරණ වීමෙන් පසු ඔවුන් දෙදෙනා සිදු කල pcr පරීක්ෂණ වාර්තා අනුව මෙලෙස වෛරසය අසාදනය වී ඇති බව හදුනාගෙන තිබෙනවා.
මේ නිසා ඇය පරික්ෂා කල විභාග ශාලාවේ සිටි සිසුන් මේ වන විට හදුනා ගනිමින් පසුවන බව පවසන ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය එම සිසුන් 40 දෙනා හටම මේ මස 31 වෙනි දින අදාල pcr පරීක්ෂණ වලට භාජනය කිරීමට නියමිතව තිබෙනවා.