News Line| Off Air
Generic placeholder image

Oct
28

ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා ජනපති හමුවෙයි

380 Views


ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා ජනපති හමුවෙයි

දිවයිනට පැමිණි ඇමරිකාවේ රාජ්‍ය ලේකම් මයික් පොම්පෙයෝ මහතා අද උදෑසන මෙරට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු වුණා.

ඒ ජනාධිපති කාර්යාලයේදී්‍යි.

මයික් පොම්පේයෝ මහතා ඇමරිකාවට අයත් විශේෂ ගුවන් යානයකින් ඊයේ රාත්‍රී 7.30ට පමණ දිවයිනට පැමිණියා.

ඒ මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු වීමෙන් අනතුරුව විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සමග නිල වශයෙන් සාකච්ඡා පැවත්වීමට නියමිතයි.

එම සාකච්ඡාවලින් අනතුරුව අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා කොළඹ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයට පැමිණීමට නියමිත බව මෙරට අමෙරිකානු තානාපති කාර්යාලය නිවේදනය කළා.

ශක්තිමත්, ස්වෛරී ශ්‍රී ලංකාවක් සමගින් හවුල්කාරීත්වයක් සඳහා අමෙරිකාවේ කැපවීම අවධාරණය කිරීමටත්, නිදහස් හා විවෘත ඉන්දු – ශාන්තිකර කලාපයක් සඳහා පොදු අරමුණු ඉදිරියට ගෙනයාමටත් රාජ්‍ය ලේකම්වරයාගේ සංචාරයේදී අවධානය යොමුවනු ඇති.

මෙරට සංචාරයෙන් අනතුරුව අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා ඇතුළු පිරිස හෙට මාලදිවයින බලා පිටත්ව යාමට නියමිතයි.


News Articles
Latest Videos
Most Popular Post