ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පේයෝ මහතා සහ විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මේ වනවිට ඒකාබද්ධ මාධ්‍ය සාකච්ඡාවකට එක්ව සිටිනවා.
එය පැවැත්වෙන්නේ, විදේශ කටයුතු අමාත්‍යාංශයේදීයි.
දිනේෂ් ගුණවර්ධන මහතා එහිදී අදහස් දක්වමින් පැවසුවේ, මෙරට විදේශ ප්‍රතිපත්තිය ස්වාධීන මෙන්ම නොබැඳි ප්‍රතිපත්තියක් බවයි.
වෙනස් දැක්මක් ඇති චීනය මෙන් නොව, සංවර්ධනය සහ ඇමරිකානු ආයෝජන සහිත ස්වෛරී සහ ස්වාධීන රටක් ලෙස ශ්‍රී ලංකාව තැබීම සිය අපේක්ෂාව බව එම මාධ්‍ය සාකච්ඡාවේදී ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා කියා සිටියා.