News Line| Off Air
Generic placeholder image

Oct
29

පොම්පෙයෝගේ ප්‍රකාශයකට චීනයෙන් පිළිතුරු

704 Views


පොම්පෙයෝගේ ප්‍රකාශයකට චීනයෙන් පිළිතුරු

දිවයිනට පැමිණි ඇමරිකාවේ රාජ්‍ය ලේකම් මයික් පොම්පේයෝ මහතා ඊයේ විදේශ කටයුතු අමාත්‍යාංශයේදී අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සමග ඒකාබද්ධ මාධ්‍ය සාකච්ඡාවකට එක් වුණා.

එහිදී පොම්පේයෝ මහතා චීනය සම්බන්ධයෙන් දැක්වූ අදහසකට චීනය ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ප්‍රතිචාර දක්වා තිබෙනවා.

ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරන රටවල් දෙකක් ලෙස ඇමෙරිකාවට සහ ශ්‍රී ලංකාවට සමාන දැක්මක් ඇති බවත් ශ්‍රී ලංකාව තුළ ආයෝජනය කරමින් මෙරට සංවර්ධනයට දායක වීම සිය අපේක්ෂාව බවත්, චීනයේ දැක්ම ඊට වඩා ‘බෙහෙවින් වෙනස් එකක්’ බවත් මයික් පොම්පේයෝ මහතා එහදී ප්‍රකාශ කර තිබුණා.

ඊට ප්‍රතිචාර දක්වමින් චීන තානාපති කාර්යාලය සිය ට්විටර් ගිණුමෙහි සඳහන් කර තිබුණේ, චීනය සහ ශ්‍රී ලංකාව අතර මිත්‍රත්වය සහ සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීමේ කටයුතුවල නියැලී සිටින හෙයින් චීනය කාර්යබහුල වී සිටින බවයි.

එබැවින් ඇමරිකාවේ AlienVsPredator ක්‍රීඩාව සඳහා වන ආරාධනය ගැන සැළකිල්ලක් දැක්විය නොහැකි බවත් ඇමෙරිකාව සෑම අවස්ථාවකදීම කටයුතු කරන්නේ එම ක්‍රීඩාවේ භූමිකා දෙකම වෙනුවෙන් පෙනී සිටීම බවත් අදාළ ට්විටර් පණිවිඩයේ වැඩිදුරටත් දැක්වුණා.

එම ට්විටර් පණිවිඩය පහතින් :


News Articles
Latest Videos
Most Popular Post