News Line| Off Air
Generic placeholder image

Oct
29

ප්‍රංශයට හා ජර්මනියට යළිත් අගුළු වැටෙයි

362 Views


ප්‍රංශයට හා ජර්මනියට යළිත් අගුළු වැටෙයි

කොරෝනා මරණ ඉහළ යාමත් සමග ප්‍රංශය සහ ජර්මනිය යළිත් වසා දැමීමට දෙරටේ බලධාරීන් තීරණය කර තිබෙනවා.

ප්‍රංශ අග්‍රාමාත්‍ය එමානුවෙල් මැක්‍රෝන් ඊයේ නිවේදනය කළේ, මාසයක කාලයක් සඳහා රට වසා දැමීමට තීරණය කළ බවයි.

එම නිවේදනයෙන් පැය කිහිපයකට පසු ජර්මනියේ බලධාරීන් ද සඳුදා සිට රට මාසයක කාලයක් සඳහා වසා දැමීමට තීරණය කළ බව ප්‍රකාශ කළා.

ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ, පසුගිය සතියට සාපේක්ෂව යුරෝපයේ කොරෝනා මරණ සංඛ්‍යාව සියයට 40 කින් පමණ ඉහළ ගොස් ඇති බවයි.

ප්‍රංශය, ස්පාඤ්ඤය, එක්සත් රාජධානිය, නෙදර්ලන්තය සහ රුසියාව වැනි රටවල රෝගීන් තුනෙන් එකක ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය වැඩිදුරටත් නිවේදනය කළේ.


News Articles
Latest Videos
Most Popular Post